If you have trouble reading sinhala fonts, click here.

Sunday, September 30, 2007

එපිෆනි (Epiphany) වෙබ් බ්‍රව්සරය සිංහල සදහා සකස් කර ගැනීම

ඔබ ලිනක්ස්හි සිංහල විශ්වකේ‌ථ ස්ථාපිථ කලද, Epiphany වෙබ් බ්‍රව්සරය සිංහල වෙබ් අඩවි නිවැරදවිව නොපෙන්වනු ඇත. උදාහරණයක් ලෙස, "ගෙදර" යන වචනය "ගදෙර" ලෙස පෙන්වනු ඇත.
මෙය ඉතා පහසුවෙන් නිවැරදිකරගත හැක.
එය නිවැරදි කර ගැනීම සදහා පහත සදහන් පියවර අනුගමානයා කරන්න.

  1. ආරම්භ කර ඇති සියළු Epiphany වෙබ් බ්‍රව්සර වසා දමන්න.
  2. ජීනෝම්හි Application මෙනුවෙහි, System Tools වෙත පැමිනෙන්න.
  3. Configuration Editor ක්‍රියාත්මක කරන්න.
  4. Configuration Editorහි, apps තෝරා, එහි epiphany තෝරා, එතුල web තෝරන්න.
  5. දකුනු පස, enable_pango සක්‍රීය කරන්න.
  6. Configuration Editor වසා දමන්න.
  7. දැන් Epiphany වෙබ් බ්‍රව්සර ක්‍රියත්මක කරන්න.
  8. ඔබට දැන් හොදින් සිංහල යුනිකේථ කියවනු හැකිවනු ඇත.
එපිෆනි ගැන බිදක්
සිංහලෙන් එපිෆනි හෙවත් Epiphany වෙබ් බ්‍රව්සර, ජීනෝම්හි ප්‍රධාන වෙබ් බ්‍රව්සරයයි. එය ෆයර් ෆොක්ස් වෙබ් බ්‍රව්සරය හා බෙහෙවින් සමාන හා ඊටවඩා වේගවත් හා කුඩා පරිගනක මතකයක් භාවිත කරයි. එබැවින් ජීනෝම් භාවිතකරන සිළුදෙන හට මෙය භාවිත කිරීම වාසිදායකවනු ඇත.

ඔබට ගැටළු හෝ වෙනයම් අදහස් එක්කිරීමට අවශ්‍යනම් COMMENTS ක්ලික් කරන්න.

සිංහලෙන් අන්තර්ජාලය භාවිතකරමු!

මෙය හේලියන් හෙවත් හෙලයන්ගේ බ්ලොග් අඩවියේ පලමු සටහනයි. මෙම බ්ලොග් අඩවියෙහි බලාපොරොත්තුව වන්නෙ සිංහලෙන් අන්තර්ජාලයේ ඇති වෙබ්අඩවි ඔබ වෙත ගෙන ඒමයි. සිංහලයෙන් අන්තර්ජාලය පිවිසෙන්නන් හට මෙය උදව්වනු ඇතයි මම සිතිමි.
මෙම බොලොග් අඩවිය භාවිත කරන්නේ සිංහල යුනිකෝඩ් අකුරුවේ. එය ලෝක සම්මතයකි. එම නිසා ඔබත් සිංහල ලිපි අකුරු කිරීම සදහා යුනිකෝඩ් භාවිත කරන්න.
වැඩි විස්තර මෙම වෙබ් අඩවි වලින් ලබාගන්න.