If you have trouble reading sinhala fonts, click here.

Tuesday, August 5, 2008

M.I.A.


M.I.A. නමින් හැදින්වෙන දෙමළ බිරිතාන්‍ය ගායිකාවක වන මාතංගී අරුල්පරගාසම් යනු ඊරෝස් (ඊළාම් විප්ලවීය ශිෂ්‍ය සංවිධානය) සංවිධානයේ නිර්මාතෘ සහ එල්ටීටීඊ සංවිධානයේ පබල සාමාජිකයෙකු වන අරුල්පරගාසම්ගේ එක් දියණියකි. ඇය විසින් නිකුත් කළ Arular ගීත ඇල්බමය සහ Kala ගීත ඇල්බමය හරහා කොටි සංවිධානයේ මිලේච්ඡත්වය සාධාරණිකරණය කරමින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්ටීටීඊ සංවිධානයට "කඩේ යමින්" සිටී. කොටි සංවිධානය නිදහස් අරගලයක යෙදෙන බව හුවා දක්වන්නට මෙම ගායිකාව උත්සාහ දරා ඇති අතර ඇගේ ගීත ඔස්සේ "ඇඟට නොදැනෙන ලෙස" ඊළාම් මතවාදය ලෝකය පුරා ව්‍යාප්තකරමින් ජාත්‍යන්තරය රැවැට්ටීමේ උත්සාහයක් නිරත වී සිටී.

මැයගේ මෙම නින්දිත උත්සාහය හෙළිදරව් කිරීම සහ එල් ටීටීඊ සංවිධානයේ මිලේච්ඡත්වය ලෝකයට හෙළිදරව් කිරීම සඳහා එක්සත් ජනපදයේ උපත ලබා හැදීවැඩුනු ඇමරිකන් රැප් තරුවක් වන ඩිලෝන් ජයසිංහ නම් රැප් ගායකයා ඉතා විශිෂ්ඨ උත්සාහයක නිරත වෙමින් සිටී. MIA විසින් "Paper Planes" වැනි ඇගේ ගීත නිර්මාණ ඔස්සේ මිලේච්ඡ ත්‍රස්තවාදීන්ට උදව් කරන බවත්, එල්ටීටීඊ ත්‍රස්තවාදය යනු ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය බවත් පවසමින් ඩිලෝන් විසින් "M.I.A. - Paper Planes (Diss by Delon)" නමින් වීඩියෝ පටයක් අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා ප්‍රචාරය කිරීම ආරම්භ කර ඇත. Youtube වෙබ් අඩවියට එකකර තිබූ මෙම වීඩියෝපටය UMG (Universal Music Group) සංවිධානයේ ඉල්ලීමක් මත ඉවත් කළ බව Youtube වෙබ් අඩවිය පවසයි. මෙය ත්‍රස්තවාදීන්ගේ බලපෑම මත සිදුවූවක් බව ඩිලෝන් සහ වෙනත් මේ සම්බන්ධව උනන්දුවක් දක්වන්නන් ප්‍රකාශ කරති. නමුත් මෙම ඉවත්කිරීම පිළිබඳව අදහස් දක්වමින් "MIA DISS (RESPONSE TO UMG AND MIA) BY DELON" නමින් තවත් වීඩියෝපටයක් ඩිලෝන් විසින් නිකුත් කර ඇති අතර "ඔබලාට මාව නතර කළ හැකිමුත් සියල්ලන්ම නතර කළ නොහැකියි" යනුවෙන් පවසමින් UMG හා MIA ඇතුලු කොටි හිතවාදීන් ඉතා දැඩි විවේචනයක් ලක්කරයි.

කෙසේ වෙතත් ඩිලෝන් විසින් මෙම වීඩියෝ පට ඕනෑම අයෙකුට බාගත කරගැනීමට හැකි පරිදි අන්තර්ජාලයේ ස්ථාන කිහිපයක රඳවා ඇත. එමෙන්ම ලඟදීම තවත් වීඩියෝපටයක් නිකුත්කරන බවද ඔහු පවසයි.

මෙන්න තවත් විස්තර සඳහා සබැඳුම්:
Download the Video - http://public.me.com/Ceylonrecords
Delon's Website - http://www.ceylonrecords.com
Delon's Blog - http://delonmusic.com/blog/blog.html
http://en.wikipedia.org/wiki/M.I.A._(artist)
http://en.wikipedia.org/wiki/Arul_Pragasam

සටහන:
ඔබ නරඹන විට මෙම වීඩියෝ පට Youtube අඩවියෙන් ඉවත්කර තිබුනහොත් "MIA, MIA Diss, Delon" වැනි keywords යොදා Search කර බලන්න. හැකි සෑම කෙනෙක්ටම මෙම වීඩියෝපට නැරඹීමට සලස්වන්න. හැකිනම් Youtube හා එවැනි වෙනත් අඩවි වලට මෙම වීඩියෝපට Upload කරන්න.

මෙය නිර්නාමික ලිපියකින් උපුටා ගන්නා ලදී.

Wednesday, November 28, 2007

defence.lk දැන් සිංහලෙන්!

ශ්‍රී ලංකා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යන්ශයේ නිල පුවත් වෙබ් අඩවිය වන defence.lk, ඉංග්‍රීසි හා ප්‍රංශ භාශා වලින් පමනක් තිබුනද, දන් සති කිහිපයක පටන් සිංහල භාශාවෙන්ද තොරතුරු ලාබාදේ. එමෙන් ඉංග්‍රීසි වෙබ් අඩවියට සමාන්තරව නිරතුරුව අළුත් කරයි. ශ්‍රී ලංකාවේ අරක්ෂක තත්වය පිළිබඳ නිවැරදි තොරතුරු සිංහල භාශාවෙන් දැනගැනීම සඳහා එම වෙබ් අඩවිය කියවන්න. තවද එම වෙබ් අඩවිය සිංහල RSS ෆීඩ්ස් (පෝශක) සේවාවක්ද ලබා දේ. එමගින් ඔබට නවතම තොරතුරු පිළිබඳ නිරතුරුව විමසිල්ලෙන් සිටියහැක.
සම්බන්ධක:


Wednesday, October 24, 2007

ශ්‍රී ලංකා රජයේ නිල වෙබ් අඩවි

මෙම සටහන මගින් සිංහල යුනිකේත භාවිත කරන ශ්‍රී ලංකා රාජ්‍ය වෙබ් අඩවි පලිබඳව ඔබ වෙත ගෙන එන්නෙමි. මෙයට යමක් එකතුවිය යුතුනම් කරුණාකර මෙහි සටහනක් තබන්න.


ශ්‍රී ලංකා රජයේ නිල අන්තර්ජාල බිහිදොර
මෙය මහජනතාවට සේවා සපයන ප්‍රධාන වෙබ් අඩවියයි. මෙමගින් විවිධ සේවා ලබා දේ. මෙහි අනෙකුත් රාජ්‍ය වෙබ් අඩවි පිලිබඳ පටුනක්ද ඇත.

සිංහල යුනිකේත භාවිතා කරන රාජ්‍ය අමාත්‍යංශයන්හි වෙබ් අඩවි

වෙනත් රාජ්‍ය වෙබ් අඩවි

Sunday, October 14, 2007

මල්ලිගේ CELL ලිපිය

මා මෙම ලිපිය ලංකා ඉරිදා සංග්‍රහයෙන් උපුටාගත්තෙමි. එහි පසුගිය කලාප අන්තර්ජාලය හරහා කියවිය නොහැකි බැවින් මා එම ලිපිය සම්පූර්නයෙන් මෙහි පලකරන්නෙමි. එම වෙබ් අඩවියේ හිමිකම් පිලිබඳ කිසිදු සටහනක් නොතිබුනේය. කෙසේවුවද මෙම ලිපියේ හිමිකම් ලංකා ඉරිදා සංග්‍රහය සතුය. මෙය කාලීන උපහාසාත්මක ලිපියක්යැයි මම සිතමි.

පසුගිය ඉරිදා සවස, අවුරුදු ගණනාවක් අමෙරිකාවේ ජීවත් වූ මගේ මිතුරෙක් මෙරටට පැමිණියේ ය. ඔහුගේ නිවස පිහිටියේ, අම්පාර ප්‍රදේශයේ නිසා කටුනායක සිට කෙලින්ම මගේ නවාතැනට එන ලෙස දැන්වූයෙමි. අමෙරිකාවේ සිට ගුවන් යානයකින් පැමිණිය ද ඔහුගේ පෙනුම විඩාබරය.
‛‛මාර මහන්සියි මචං’’
මට පව් කියා සිතුණේ, මිතුරා පිළිබඳව නොවේ. බෝගොල්ලාගම ගැන ය. තුන්සිය හැටපස්දවසේ ම පිටරට ගාටන්නේ මොනතරම් දුක් කන්දරාවක් විඳගෙන ද?
ඇස්වලට පිරුණු කඳුළු නොපෙන්වා කතා කළෙමි.
‛‛උඹ කාලෙකට පස්සෙනෙ ආවේ. ඉතිං හොඳට සලකන්න එපෑ. ඉඳපං මං කඩේට ගිහින් පාං රාත්තලක් අරං එන්නං..............’
මම කඩේ ගොස් පාං රැගෙන එන විට මිතුරා පේන්න සිටියේ නැත.
මම විපිළිසර වීමි.
ඔහු පිළිකන්න පැත්තේ සිට ඇවිදගෙන එයි.
‛‛උඹගෙ ටී.වී. එක අප්සට් ගිහිල්ලා’’
‛‛ඇයි මොකද වෙලා තියෙන්නෙ’’
‛‛මං දැන් ඇන්ටනාව හත් අට පාරක් කැරකැව්වා. ඒත් ලංකාවේ චැනල් එකක්වත් අහුවෙන්නේ නෑ. තනිකරම ඉන්දියාවේ චැනල් විතරයි පේන්නෙ’’
‛‛නෑ නෑ........... ඒ අපේ රටේ චැනල් තමයි.’’
‛‛අන්න අන්න උඹ මාව අන්දනවා.......... උඹ ඒ කාලෙත් ඔහොමනේ. ලණුමනේ දෙන්නේ උඹ කියන්නේ මෙහෙ ඉන්නෙ මැට්ටො කියලද’’
මේ අවේලාවේ මේවා තේරුම් බේරුම් කළ නොහැකි නිසා කතාව වෙනතකට හැරවීමි.
‛‛හරි........හරි.......... ඔය කතාව අල්ලලා දාමු’’
‛‛ඔව්! මටත් හරි නිදිමතයි’’
කියමින් රාත්‍රී 9.00 ට පමණ පාන් කා හෙතෙම නින්දට ගියේ ය.

ෆ ෆ ෆ ෆ ෆ

රාත්‍රි 10.45 ට 11.00 ට පමණ මා රූපවාහිනිය නරඹමින් සිටිය දී කඩාගෙන බිඳගෙන කාමරයෙන් එළියට පැමිණියේ මගේ මිතුරාය.
‛‛ඇයි උඔ මට කිව්වේ නැත්තේ’’ හේ මගේ දෙවුරෙන් සොලවා ඇසීය.
‛‛මොනවද?’’
‛‛මේ කිට්ටුව වධකාගාරයක් තියෙනවා කියලා’’
‛‛මොකක්’’
‛‛ඇයි උඹට ඇහෙන්නෙ නැද්ද මේ අහල පහළ මිනිස්සු විලාප දෙන සද්දේ...........? මං ඉන්න කාමෙරේට කනේ තිබ්බා වගේ ඇහෙනවා.............’’
මිතුරා කියු දේ තේරුම්ගත නොහැකිව අන්ද මන්ද වූ මම දොර හැර මිදුලට ගොස් බැලුවෙමි. එවිට මෙවැනි විලාපයක් ඇසෙන්නට විය.
‛‛බුදු අම්මෝ............කවුද දෙයියනේ මේ අපරාදේ කෙරුවෙ’’
‛‛අයියෝ කොච්චර අපූරු කෙල්ලද? මුන්ට සහගහනවා මේ කරපු අපරාදෙට..............’’
‛‛මෙහෙම කරපු එවුන්ට නං හොඳක් වෙන්න එපා දෙයියනේ’’
මට සිනාව නවත්වාගත නොහැකි විය.
‛‛තමුසෙ මහ කෲර මිනිහෙක්’’
මිතුරා චෝදනා කරයි
‛‛අච්චර අපරාදයක් වෙලත් තමුසෙ හිනාවෙනවා’’ මම බඩ අල්ලාගෙන සිනාසෙන්න ට වීමි. එහෙත් දිගින් දිගටම සිනාසීම මිතුරාගෙන් ගුටි කෑමට හේතු විය හැකි නිසා කාරණාව පහදා දුන්නෙමි.
‛‛ඒ ළමයා මැරිලා නෑ.’’
මිතුරා එක් වරම ගල් ගැසුනේය.
‛‛මෙහෙ හැම ඉරිදම රෑට ඔහොම තමයි...........’’
‛‛ඒ කිව්වේ’’
‛‛ඒ කිව්වේ ඒ ළමයා මැරිලා නෑ. ඒ ළමයාට එස්.එම්.එස්. මදිවෙලා. එතකොට රටම විලාප දෙනවා. ඒක තමයි ක්‍රමේ. ආයිත්, ලබන සුමානෙ ඉඳලා එයත් ඇවිල්ලා අප්පුඩිගගහා ඉන්නවා. ඊළඟ ඉරිදා තව එක්කෙනෙක් යනවා. එදාට ආයෙත් මේ වගේ විලාප දෙනවා.
මගේ මිතුරා අසල තිබූ බිත්තියකට හේත්තු විය.
‛‛මට වතුර එකක් දීපන් මචං..............!’’
මම ඔහු ව පුටුවක ඉන්දවා වතුර පොවා කරුණු පැහැදිලි කළෙමි.
‛‛මේක අද ඊයෙ ඉඳන් වෙන දෙයක් යැ. ඇයි එහෙ එහෙම නැද්ද?’’
‛‛කොහේද?’’
‛‛අමෙරිකාවේ නැති වෙන්න බෑ. අමරිකන් අයිඩ්ල් එකේ කට්ටියත් අනිවාර්යයෙන්ම අඬනව ඇති. විශේෂයෙන්ම ජජ් බෝඩ් එක. කවුද ඉන්නේ බ්‍රිට්නි ද? එයා සාරියෙන් කඳුළු පිහිනව ඇති. එතකොට රිකී මාටින් මූණ පුළුටු කරගෙන දුක්බර විදිහට ඇති. අනිත් එක්කෙනා මයිකල් ජැක්සන් නේද? මිනිහා කොහොමත් ලාමකනේ අවුට් වෙන කොල්ලන්ව බදාගෙන අඩනවා ඇති නේද?..............’’
එය ඇසූ මගේ මිතුරා අනුකම්පා සහගත දෑසින් යුතුව මා දෙස බලා හිඳ ළඟට පැමිණියේ ය.
‛‛මම උඹට උදව් කරන්නම් මචං...... සල්ලි ප්‍රශ්නයක් නෑ. අපි හොඳ ඩොක්ට කෙනෙක් චැනල් කරමු. බේත් ගත්තම ඔය තත්ත්වෙ මඟ ඇරිලා යයි.’’
කෙසේ හෝ වේවා අමෙරිකාවේ සිට පැමිණි මිත්‍රයා පසුදා අම්පාර බලා පිටත් විය. යන්නට පෙර ඔහු මගෙන් ඉල්ලීමක් කළේය. ඒ, අම්පාර දුර වැඩි නිසා කොළඹ කිට්ටුව ඉඩමක් සොයන ලෙසය.
එය මගේ වෙනත් මිතුරකුට කී පසු ඔහු සහ මා අතර ඇතිවූ දුරකතන සංවාදය මෙසේ ය.
ඔහු :- ‛‛රයිට්, නියම ඉඩමක් තියෙනවා. හොයලා දෙන්නං’’
මම :- ‛‛කොහේද?’’
ඔහු :- ‛‛මේ වෙද්දි රටේ තියෙන ආරක්ෂිතම ප්‍රදේශයේ’’
මම :- ‛‛ආපෝ........ කොළඹ ඇතුළෙ නං එපා මෑන් කැමති නෑ...... මිනිහා ටිකක් බයයි එල්.ටී.ටී.ඊ කේස් වලට’’
ඔහු :- ‛‛නෑ....නෑ..... කොළඹ නෙවෙයි.......’’ ‛‛කොළමින් පිට. ප්‍රභාකරන් ඇටෑක් කරන්නේ නෑ කියලා. ෂුවර්ම හරියෙ’’
මම :- ‛‛කොහේද’’
ඔහු :- ‛‛පන්නිපිටියේ දෙපානම’’
මම :- ‛‛කොහොමද හරියටම දන්නේ කොටි ගහන්නේ නෑ කියලා’’
ඔහු :- ‛‛මං තමුසෙට මරු කතාවක් කියන්නම් ඉස්සර අපි කොල්ලො කුරුට්ටො කාලේ නත්තලට ජනවාරි පළමුවෙනිදාට මොනවද දන්නවද කරන්නේ? රතිඤ්ඤා පැකට් දෙක තුනක් අරං ගෙවල් ගානෙ යනවා. අර ලියුම්දාන්න ගේට්ටු වල හයිකරපු පෙට්ටිවලට, රතිඤ්ඤා දාලා දුවනවා.....’’
‛‛හැබැයි කවදාවත් අපේ නැන්දලගේ මාමලගේ බාප්පලගේ ගෙවල්වල ලියුම් පෙට්ටිවලට අත තිබ්බේ නෑ.............’’
‛‛බයටම නෙවෙයි ගෞරවේට! අපිව බලා කියාගත්තේ ඒ මිනිස්සු...........’’
‛‛තමුසෙ හොඳට මතක තියාගන්නවා............
ප්‍රභාකරන් කියන්නෙත් මාමලට බාප්පලට හොඳට සලකන්න දන්න කොල්ලෙක් ’’

මල් LEE

උපුටා ගැනීම
ලංකා ඉරිදා සංග්‍රහය - 2007 ඔක්තෝබර් 14 ඉරිදා

Friday, October 12, 2007

සිංහලෙන් පුවත් අන්තර්ජාලය හරහා කියවමු.

සිංහල පුවත් ලබාදෙන වෙබ් අඩවි ගනනාවක් ඇත. මා මෙම සටහන මගින් එවැනි වෙබ් අඩවි කිහිපයක් පිලිබඳ තොරතුරු ගෙන එමි.

දිනමිණ - සජීව ජාල පුවත්පත

මෙහි පුවත් නිසිකලට අළුත් කරයි. ඔවුන් විසින් පලකරන දිනමිණ පුවත් පතෙහි අඩන්ගු සියළු පුවත් මෙම වෙබ්‍ අඩවිය මගින් කියවිය හැක. එමෙන් පසුගිය කලාපද කියවිය හැක. මෙහි මාධ්‍ය පුස්තකාලය වැනි වෙනත් සෙවාවද සපයයි.

සිළුමිණ - අන්තර්ජාල සංස්කරණය
මෙය සිළුමිණ සතිඅග පුවත්පත හා සමාන්තරව පවත්වාගෙන යයි. මෙම වෙබ් අඩවිය මගින් පසුගිය කලාපද කියවිය හැක.

ලංකා ඉරිදා සංග්‍රහය

ලංකා සතිඅන්ත පුවත් පතෙහි පලවන සියළු දෑ මෙම වෙබ් අඩවියෙන් කියවික හැක.

විමසුම
මෙයද කාලීන තොරතුරු ගෙන එන වෙබ් අඩවියකි. මෙය ව්‍යාපරක තොරතුරු සිංහලෙන් ලබාගැනීම සදහා කදිම වෙබ් අඩවියකි. මෙය ව්‍යාපාර පුවත් වලට අමතරව දේශපාලන හා වෙනත් තොරතුරුද ලබා දේ.

ඊතලය
මෙය සිංහල යුනිකේත භාවිතාකරන පුවත් සපයන නවතම වෙබ්‍ අඩවියයි. මෙය මහාරාජා ආයතනය මගින් පවත්වා ගෙන යනු ලබන සේවයකි. මාගේ පෞද්ගලිකව මතයනම් මහාරාජා ව්‍යාපරයට අයත් මාධ්‍ය ආයතනයන් ලබා දෙන සමහර පුවත් වල විවිධ යටි අරුමුනු ඇතිබවයි. එමෙන් ඔවුන් ගේ ප්‍රවෘථි විකාශන වෘතීය මට්ටමක නොපවතින බවයි. සමහරවිට ඔවුනගේ ප්‍රධාන පුවත් විකාශනයේ විකාශවන්නේ සුවහසක් ජනයාට වැදගත් පුවත්නොව ඔවුන් ගේ වෙනත් අරමුනු සදහා වැදගත් දෑය.




සැ/යු:
  • දිනමිණ හා ලංකා ඉරිදා සංග්‍රරය සිංහල යුනිකේත භාවිත කෙරූ ප්‍රථම පුවත් පත ඔව්න් ඔව්න්ගේ වෙබ් අඩවි වල ප්‍රකාශ කර සිටී. එමෙන් සිළුමිණ සිංහල යුනිකේත භාවිත කෙරූ ප්‍රථම සති අග පුවත්පත බව ප්‍රකාශ කරයි. සෑබවටම සිංහල යුනිකේත භාවිත කෙරූ ප්‍රථම පුවත්පත කුමක් දැයි සිංහල යුනිකෝඩ් සමූහයෙන්ද විමසීය.
  • මෙහි සදහන් කර ඇත්තේ සිංහල යුනිකේත භාවිත කරන, වෙබ් අඩවි පමනි. මීට අමතරව යුනිකේත භාවිතා කරන වෙබ් අඩවි ඇතොත්, ඒ පිලිබඳ මෙම බ්ලොග් අඩවියෙහි සටහනක් තබන්න. යුනිකේත ලෝක සම්මතයක් බැවින් හා වෙනත් අකුරු භාවිතය යුනිකේත භාවිතය මෙන් කියවන්නන් සදහා පහසු නොවන බැවිනුත් අනෙකුත් වෙබ් අඩවි පිලිබඳ මෙහි සදහන් කර නොමැත.

Tuesday, October 2, 2007

සිංහලෙන් සොයමු.

වෙබ් පිටු අතර සැරිසැරීමේදි වෙබ‌ සෙවුම් යන්ත්‍ර බෙහෙවින් ප්‍රයෝජනවත්වේ. මෙම ලිපියේ සිංහලෙන් වෙබ් අඩවි සෙවීමේ සේවාවන් ගැන ඔබට ගෙනඒ.

ගූග්ල් සෙවුම් යන්ත්‍රය (ඇගයීම: 4/5)
මෙය ලොකයේ ඇති හොදම සෙවුම් යන්ත්‍රය ලෙස නම්‍ දරා ඇත. මෙහි සිංහල පහසු කම්ද ලබාදී ඇත. එනම් ඔබට ඉංග්‍රීසි භාශාවේ කිසිදු අකුරක් නොදැන වුවද මෙය භාවිත කළහැක.
http://www.google.lk/si යන ලිපිනයෙන් ඔබට ගූග්ල් සිංහලෙන් භාවිත කළ හැක. ඔබ ගූග්ල් සිංහලෙන් භාවිත කළද, ඉංග්‍රීසියෙන් භාවිත කළද ඔබ සිංහල යුනිකේත වලින් සෙවිය යුතු දේ ඇතුලත්කල විට ලැබෙන ප්‍රතිපල වල වෙනසක් නැත. ගූග්ල් ඉතා හොඳ සිංහල ප්‍රතිපල ලබා දේ.
වෙබ් ලිපිනය: http://www.google.lk/si

යාහූ සෙවුම් යන්ත්‍රය (ඇගයීම: 3/5)
මෙම සෙවුම් යන්ත්‍රයද ඉතා ප්‍රසිද්ද සෙවුම් යන්ත්‍රයකි. මෙහි උනිකේත ඇතුලත් කිරීමේන් ලැබෙන ප්‍රතිපල ගූග්ල්හි ලැබෙන ප්‍රතිපල මෙන්ම ඉතා උසස්වූ තත්වයක පවතී. ඇහෙත් මෙම සෙවුම් යන්ත්‍රය සිංහල භාශාවෙන් නොමැති නිසා ගූග්ල් සෙවුම් යන්ත්‍රයට දෙවැනිවේ.
වෙබ් ලිපිනය: http://search.yahoo.com/

සිංහල සර්ච් සෙවුම් යන්ත්‍රය (ඇගයීම: 3/5)
මෙය ශ්‍රී ලාංකික ආයතනයක් විසින් නිපදවූවකි. මෙය සිංහල භාශාවෙන් සකසා ඇත. භාවිතය ගූග්ල් මෙන් පහසුය. නමුත් ප්‍රතිපල ගූග්ල් හා යාහූ මෙන් ඉතා උසස්වූ තත්වයක නොපවතී.
වෙබ් ලිපිනය: http://www.sinhalasearch.com/

ලයිව් සෙවුම් යන්ත්‍රය (ඇගයීම: 2/5)
ලයිව් සෙවුම් යන්ත්‍රය ඇමරිකාවේ, මයික්‍රෝසොෆ්ට් ආයතනය මගින් ලබාදෙන සේවයකි. මෙය සිංහල භාශාවට පරිවර්ථනය කර නොමැත. එමෙන් ප්‍රතිපලද, ගූගල් හා යාහූ මෙන් ඉතා උසස්වූ තත්වයක නොපවතී.
වෙබ් ලිපිනය: http://www.live.com/

ඔබම වෙනස වටහා ගන්න.
පහත සදහන් සම්බන්දකයන් (ලින්ක්ස්) මගින් ඉහත සදහන් සෙවුම් යන්ත්‍ර, සිංහල යුනිකේත භාවිතයෙන් "සිංහල" යන වචනය සෙවූවිට ලැබෙන ප්‍රතිපල දැකගතහැකිවනු ඇත.

Sunday, September 30, 2007

එපිෆනි (Epiphany) වෙබ් බ්‍රව්සරය සිංහල සදහා සකස් කර ගැනීම

ඔබ ලිනක්ස්හි සිංහල විශ්වකේ‌ථ ස්ථාපිථ කලද, Epiphany වෙබ් බ්‍රව්සරය සිංහල වෙබ් අඩවි නිවැරදවිව නොපෙන්වනු ඇත. උදාහරණයක් ලෙස, "ගෙදර" යන වචනය "ගදෙර" ලෙස පෙන්වනු ඇත.
මෙය ඉතා පහසුවෙන් නිවැරදිකරගත හැක.
එය නිවැරදි කර ගැනීම සදහා පහත සදහන් පියවර අනුගමානයා කරන්න.

  1. ආරම්භ කර ඇති සියළු Epiphany වෙබ් බ්‍රව්සර වසා දමන්න.
  2. ජීනෝම්හි Application මෙනුවෙහි, System Tools වෙත පැමිනෙන්න.
  3. Configuration Editor ක්‍රියාත්මක කරන්න.
  4. Configuration Editorහි, apps තෝරා, එහි epiphany තෝරා, එතුල web තෝරන්න.
  5. දකුනු පස, enable_pango සක්‍රීය කරන්න.
  6. Configuration Editor වසා දමන්න.
  7. දැන් Epiphany වෙබ් බ්‍රව්සර ක්‍රියත්මක කරන්න.
  8. ඔබට දැන් හොදින් සිංහල යුනිකේථ කියවනු හැකිවනු ඇත.
එපිෆනි ගැන බිදක්
සිංහලෙන් එපිෆනි හෙවත් Epiphany වෙබ් බ්‍රව්සර, ජීනෝම්හි ප්‍රධාන වෙබ් බ්‍රව්සරයයි. එය ෆයර් ෆොක්ස් වෙබ් බ්‍රව්සරය හා බෙහෙවින් සමාන හා ඊටවඩා වේගවත් හා කුඩා පරිගනක මතකයක් භාවිත කරයි. එබැවින් ජීනෝම් භාවිතකරන සිළුදෙන හට මෙය භාවිත කිරීම වාසිදායකවනු ඇත.

ඔබට ගැටළු හෝ වෙනයම් අදහස් එක්කිරීමට අවශ්‍යනම් COMMENTS ක්ලික් කරන්න.