If you have trouble reading sinhala fonts, click here.
Showing posts with label සිංහල. Show all posts
Showing posts with label සිංහල. Show all posts

Wednesday, November 28, 2007

defence.lk දැන් සිංහලෙන්!

ශ්‍රී ලංකා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යන්ශයේ නිල පුවත් වෙබ් අඩවිය වන defence.lk, ඉංග්‍රීසි හා ප්‍රංශ භාශා වලින් පමනක් තිබුනද, දන් සති කිහිපයක පටන් සිංහල භාශාවෙන්ද තොරතුරු ලාබාදේ. එමෙන් ඉංග්‍රීසි වෙබ් අඩවියට සමාන්තරව නිරතුරුව අළුත් කරයි. ශ්‍රී ලංකාවේ අරක්ෂක තත්වය පිළිබඳ නිවැරදි තොරතුරු සිංහල භාශාවෙන් දැනගැනීම සඳහා එම වෙබ් අඩවිය කියවන්න. තවද එම වෙබ් අඩවිය සිංහල RSS ෆීඩ්ස් (පෝශක) සේවාවක්ද ලබා දේ. එමගින් ඔබට නවතම තොරතුරු පිළිබඳ නිරතුරුව විමසිල්ලෙන් සිටියහැක.
සම්බන්ධක:

෴

Wednesday, October 24, 2007

ශ්‍රී ලංකා රජයේ නිල වෙබ් අඩවි

මෙම සටහන මගින් සිංහල යුනිකේත භාවිත කරන ශ්‍රී ලංකා රාජ්‍ය වෙබ් අඩවි පලිබඳව ඔබ වෙත ගෙන එන්නෙමි. මෙයට යමක් එකතුවිය යුතුනම් කරුණාකර මෙහි සටහනක් තබන්න.


ශ්‍රී ලංකා රජයේ නිල අන්තර්ජාල බිහිදොර
මෙය මහජනතාවට සේවා සපයන ප්‍රධාන වෙබ් අඩවියයි. මෙමගින් විවිධ සේවා ලබා දේ. මෙහි අනෙකුත් රාජ්‍ය වෙබ් අඩවි පිලිබඳ පටුනක්ද ඇත.

සිංහල යුනිකේත භාවිතා කරන රාජ්‍ය අමාත්‍යංශයන්හි වෙබ් අඩවි

වෙනත් රාජ්‍ය වෙබ් අඩවි
෴

Tuesday, October 2, 2007

සිංහලෙන් සොයමු.

වෙබ් පිටු අතර සැරිසැරීමේදි වෙබ‌ සෙවුම් යන්ත්‍ර බෙහෙවින් ප්‍රයෝජනවත්වේ. මෙම ලිපියේ සිංහලෙන් වෙබ් අඩවි සෙවීමේ සේවාවන් ගැන ඔබට ගෙනඒ.

ගූග්ල් සෙවුම් යන්ත්‍රය (ඇගයීම: 4/5)
මෙය ලොකයේ ඇති හොදම සෙවුම් යන්ත්‍රය ලෙස නම්‍ දරා ඇත. මෙහි සිංහල පහසු කම්ද ලබාදී ඇත. එනම් ඔබට ඉංග්‍රීසි භාශාවේ කිසිදු අකුරක් නොදැන වුවද මෙය භාවිත කළහැක.
http://www.google.lk/si යන ලිපිනයෙන් ඔබට ගූග්ල් සිංහලෙන් භාවිත කළ හැක. ඔබ ගූග්ල් සිංහලෙන් භාවිත කළද, ඉංග්‍රීසියෙන් භාවිත කළද ඔබ සිංහල යුනිකේත වලින් සෙවිය යුතු දේ ඇතුලත්කල විට ලැබෙන ප්‍රතිපල වල වෙනසක් නැත. ගූග්ල් ඉතා හොඳ සිංහල ප්‍රතිපල ලබා දේ.
වෙබ් ලිපිනය: http://www.google.lk/si

යාහූ සෙවුම් යන්ත්‍රය (ඇගයීම: 3/5)
මෙම සෙවුම් යන්ත්‍රයද ඉතා ප්‍රසිද්ද සෙවුම් යන්ත්‍රයකි. මෙහි උනිකේත ඇතුලත් කිරීමේන් ලැබෙන ප්‍රතිපල ගූග්ල්හි ලැබෙන ප්‍රතිපල මෙන්ම ඉතා උසස්වූ තත්වයක පවතී. ඇහෙත් මෙම සෙවුම් යන්ත්‍රය සිංහල භාශාවෙන් නොමැති නිසා ගූග්ල් සෙවුම් යන්ත්‍රයට දෙවැනිවේ.
වෙබ් ලිපිනය: http://search.yahoo.com/

සිංහල සර්ච් සෙවුම් යන්ත්‍රය (ඇගයීම: 3/5)
මෙය ශ්‍රී ලාංකික ආයතනයක් විසින් නිපදවූවකි. මෙය සිංහල භාශාවෙන් සකසා ඇත. භාවිතය ගූග්ල් මෙන් පහසුය. නමුත් ප්‍රතිපල ගූග්ල් හා යාහූ මෙන් ඉතා උසස්වූ තත්වයක නොපවතී.
වෙබ් ලිපිනය: http://www.sinhalasearch.com/

ලයිව් සෙවුම් යන්ත්‍රය (ඇගයීම: 2/5)
ලයිව් සෙවුම් යන්ත්‍රය ඇමරිකාවේ, මයික්‍රෝසොෆ්ට් ආයතනය මගින් ලබාදෙන සේවයකි. මෙය සිංහල භාශාවට පරිවර්ථනය කර නොමැත. එමෙන් ප්‍රතිපලද, ගූගල් හා යාහූ මෙන් ඉතා උසස්වූ තත්වයක නොපවතී.
වෙබ් ලිපිනය: http://www.live.com/

ඔබම වෙනස වටහා ගන්න.
පහත සදහන් සම්බන්දකයන් (ලින්ක්ස්) මගින් ඉහත සදහන් සෙවුම් යන්ත්‍ර, සිංහල යුනිකේත භාවිතයෙන් "සිංහල" යන වචනය සෙවූවිට ලැබෙන ප්‍රතිපල දැකගතහැකිවනු ඇත.

෴

Sunday, September 30, 2007

එපිෆනි (Epiphany) වෙබ් බ්‍රව්සරය සිංහල සදහා සකස් කර ගැනීම

ඔබ ලිනක්ස්හි සිංහල විශ්වකේ‌ථ ස්ථාපිථ කලද, Epiphany වෙබ් බ්‍රව්සරය සිංහල වෙබ් අඩවි නිවැරදවිව නොපෙන්වනු ඇත. උදාහරණයක් ලෙස, "ගෙදර" යන වචනය "ගදෙර" ලෙස පෙන්වනු ඇත.
මෙය ඉතා පහසුවෙන් නිවැරදිකරගත හැක.
එය නිවැරදි කර ගැනීම සදහා පහත සදහන් පියවර අනුගමානයා කරන්න.

  1. ආරම්භ කර ඇති සියළු Epiphany වෙබ් බ්‍රව්සර වසා දමන්න.
  2. ජීනෝම්හි Application මෙනුවෙහි, System Tools වෙත පැමිනෙන්න.
  3. Configuration Editor ක්‍රියාත්මක කරන්න.
  4. Configuration Editorහි, apps තෝරා, එහි epiphany තෝරා, එතුල web තෝරන්න.
  5. දකුනු පස, enable_pango සක්‍රීය කරන්න.
  6. Configuration Editor වසා දමන්න.
  7. දැන් Epiphany වෙබ් බ්‍රව්සර ක්‍රියත්මක කරන්න.
  8. ඔබට දැන් හොදින් සිංහල යුනිකේථ කියවනු හැකිවනු ඇත.
එපිෆනි ගැන බිදක්
සිංහලෙන් එපිෆනි හෙවත් Epiphany වෙබ් බ්‍රව්සර, ජීනෝම්හි ප්‍රධාන වෙබ් බ්‍රව්සරයයි. එය ෆයර් ෆොක්ස් වෙබ් බ්‍රව්සරය හා බෙහෙවින් සමාන හා ඊටවඩා වේගවත් හා කුඩා පරිගනක මතකයක් භාවිත කරයි. එබැවින් ජීනෝම් භාවිතකරන සිළුදෙන හට මෙය භාවිත කිරීම වාසිදායකවනු ඇත.

ඔබට ගැටළු හෝ වෙනයම් අදහස් එක්කිරීමට අවශ්‍යනම් COMMENTS ක්ලික් කරන්න.
෴

සිංහලෙන් අන්තර්ජාලය භාවිතකරමු!

මෙය හේලියන් හෙවත් හෙලයන්ගේ බ්ලොග් අඩවියේ පලමු සටහනයි. මෙම බ්ලොග් අඩවියෙහි බලාපොරොත්තුව වන්නෙ සිංහලෙන් අන්තර්ජාලයේ ඇති වෙබ්අඩවි ඔබ වෙත ගෙන ඒමයි. සිංහලයෙන් අන්තර්ජාලය පිවිසෙන්නන් හට මෙය උදව්වනු ඇතයි මම සිතිමි.
මෙම බොලොග් අඩවිය භාවිත කරන්නේ සිංහල යුනිකෝඩ් අකුරුවේ. එය ලෝක සම්මතයකි. එම නිසා ඔබත් සිංහල ලිපි අකුරු කිරීම සදහා යුනිකෝඩ් භාවිත කරන්න.
වැඩි විස්තර මෙම වෙබ් අඩවි වලින් ලබාගන්න.

෴