If you have trouble reading sinhala fonts, click here.
Showing posts with label යුනිකේථ. Show all posts
Showing posts with label යුනිකේථ. Show all posts

Sunday, September 30, 2007

එපිෆනි (Epiphany) වෙබ් බ්‍රව්සරය සිංහල සදහා සකස් කර ගැනීම

ඔබ ලිනක්ස්හි සිංහල විශ්වකේ‌ථ ස්ථාපිථ කලද, Epiphany වෙබ් බ්‍රව්සරය සිංහල වෙබ් අඩවි නිවැරදවිව නොපෙන්වනු ඇත. උදාහරණයක් ලෙස, "ගෙදර" යන වචනය "ගදෙර" ලෙස පෙන්වනු ඇත.
මෙය ඉතා පහසුවෙන් නිවැරදිකරගත හැක.
එය නිවැරදි කර ගැනීම සදහා පහත සදහන් පියවර අනුගමානයා කරන්න.

  1. ආරම්භ කර ඇති සියළු Epiphany වෙබ් බ්‍රව්සර වසා දමන්න.
  2. ජීනෝම්හි Application මෙනුවෙහි, System Tools වෙත පැමිනෙන්න.
  3. Configuration Editor ක්‍රියාත්මක කරන්න.
  4. Configuration Editorහි, apps තෝරා, එහි epiphany තෝරා, එතුල web තෝරන්න.
  5. දකුනු පස, enable_pango සක්‍රීය කරන්න.
  6. Configuration Editor වසා දමන්න.
  7. දැන් Epiphany වෙබ් බ්‍රව්සර ක්‍රියත්මක කරන්න.
  8. ඔබට දැන් හොදින් සිංහල යුනිකේථ කියවනු හැකිවනු ඇත.
එපිෆනි ගැන බිදක්
සිංහලෙන් එපිෆනි හෙවත් Epiphany වෙබ් බ්‍රව්සර, ජීනෝම්හි ප්‍රධාන වෙබ් බ්‍රව්සරයයි. එය ෆයර් ෆොක්ස් වෙබ් බ්‍රව්සරය හා බෙහෙවින් සමාන හා ඊටවඩා වේගවත් හා කුඩා පරිගනක මතකයක් භාවිත කරයි. එබැවින් ජීනෝම් භාවිතකරන සිළුදෙන හට මෙය භාවිත කිරීම වාසිදායකවනු ඇත.

ඔබට ගැටළු හෝ වෙනයම් අදහස් එක්කිරීමට අවශ්‍යනම් COMMENTS ක්ලික් කරන්න.
෴