If you have trouble reading sinhala fonts, click here.

Friday, October 12, 2007

සිංහලෙන් පුවත් අන්තර්ජාලය හරහා කියවමු.

සිංහල පුවත් ලබාදෙන වෙබ් අඩවි ගනනාවක් ඇත. මා මෙම සටහන මගින් එවැනි වෙබ් අඩවි කිහිපයක් පිලිබඳ තොරතුරු ගෙන එමි.

දිනමිණ - සජීව ජාල පුවත්පත

මෙහි පුවත් නිසිකලට අළුත් කරයි. ඔවුන් විසින් පලකරන දිනමිණ පුවත් පතෙහි අඩන්ගු සියළු පුවත් මෙම වෙබ්‍ අඩවිය මගින් කියවිය හැක. එමෙන් පසුගිය කලාපද කියවිය හැක. මෙහි මාධ්‍ය පුස්තකාලය වැනි වෙනත් සෙවාවද සපයයි.

සිළුමිණ - අන්තර්ජාල සංස්කරණය
මෙය සිළුමිණ සතිඅග පුවත්පත හා සමාන්තරව පවත්වාගෙන යයි. මෙම වෙබ් අඩවිය මගින් පසුගිය කලාපද කියවිය හැක.

ලංකා ඉරිදා සංග්‍රහය

ලංකා සතිඅන්ත පුවත් පතෙහි පලවන සියළු දෑ මෙම වෙබ් අඩවියෙන් කියවික හැක.

විමසුම
මෙයද කාලීන තොරතුරු ගෙන එන වෙබ් අඩවියකි. මෙය ව්‍යාපරක තොරතුරු සිංහලෙන් ලබාගැනීම සදහා කදිම වෙබ් අඩවියකි. මෙය ව්‍යාපාර පුවත් වලට අමතරව දේශපාලන හා වෙනත් තොරතුරුද ලබා දේ.

ඊතලය
මෙය සිංහල යුනිකේත භාවිතාකරන පුවත් සපයන නවතම වෙබ්‍ අඩවියයි. මෙය මහාරාජා ආයතනය මගින් පවත්වා ගෙන යනු ලබන සේවයකි. මාගේ පෞද්ගලිකව මතයනම් මහාරාජා ව්‍යාපරයට අයත් මාධ්‍ය ආයතනයන් ලබා දෙන සමහර පුවත් වල විවිධ යටි අරුමුනු ඇතිබවයි. එමෙන් ඔවුන් ගේ ප්‍රවෘථි විකාශන වෘතීය මට්ටමක නොපවතින බවයි. සමහරවිට ඔවුනගේ ප්‍රධාන පුවත් විකාශනයේ විකාශවන්නේ සුවහසක් ජනයාට වැදගත් පුවත්නොව ඔවුන් ගේ වෙනත් අරමුනු සදහා වැදගත් දෑය.




සැ/යු:
  • දිනමිණ හා ලංකා ඉරිදා සංග්‍රරය සිංහල යුනිකේත භාවිත කෙරූ ප්‍රථම පුවත් පත ඔව්න් ඔව්න්ගේ වෙබ් අඩවි වල ප්‍රකාශ කර සිටී. එමෙන් සිළුමිණ සිංහල යුනිකේත භාවිත කෙරූ ප්‍රථම සති අග පුවත්පත බව ප්‍රකාශ කරයි. සෑබවටම සිංහල යුනිකේත භාවිත කෙරූ ප්‍රථම පුවත්පත කුමක් දැයි සිංහල යුනිකෝඩ් සමූහයෙන්ද විමසීය.
  • මෙහි සදහන් කර ඇත්තේ සිංහල යුනිකේත භාවිත කරන, වෙබ් අඩවි පමනි. මීට අමතරව යුනිකේත භාවිතා කරන වෙබ් අඩවි ඇතොත්, ඒ පිලිබඳ මෙම බ්ලොග් අඩවියෙහි සටහනක් තබන්න. යුනිකේත ලෝක සම්මතයක් බැවින් හා වෙනත් අකුරු භාවිතය යුනිකේත භාවිතය මෙන් කියවන්නන් සදහා පහසු නොවන බැවිනුත් අනෙකුත් වෙබ් අඩවි පිලිබඳ මෙහි සදහන් කර නොමැත.

No comments: