වෙබ් පිටු අතර සැරිසැරීමේදි වෙබ සෙවුම් යන්ත්ර බෙහෙවින් ප්රයෝජනවත්වේ. මෙම ලිපියේ සිංහලෙන් වෙබ් අඩවි සෙවීමේ සේවාවන් ගැන ඔබට ගෙනඒ.
ගූග්ල් සෙවුම් යන්ත්රය (ඇගයීම: 4/5)
මෙය ලොකයේ ඇති හොදම සෙවුම් යන්ත්රය ලෙස නම් දරා ඇත. මෙහි සිංහල පහසු කම්ද ලබාදී ඇත. එනම් ඔබට ඉංග්රීසි භාශාවේ කිසිදු අකුරක් නොදැන වුවද මෙය භාවිත කළහැක.
http://www.google.lk/si යන ලිපිනයෙන් ඔබට ගූග්ල් සිංහලෙන් භාවිත කළ හැක. ඔබ ගූග්ල් සිංහලෙන් භාවිත කළද, ඉංග්රීසියෙන් භාවිත කළද ඔබ සිංහල යුනිකේත වලින් සෙවිය යුතු දේ ඇතුලත්කල විට ලැබෙන ප්රතිපල වල වෙනසක් නැත. ගූග්ල් ඉතා හොඳ සිංහල ප්රතිපල ලබා දේ.
වෙබ් ලිපිනය: http://www.google.lk/si
යාහූ සෙවුම් යන්ත්රය (ඇගයීම: 3/5)
මෙම සෙවුම් යන්ත්රයද ඉතා ප්රසිද්ද සෙවුම් යන්ත්රයකි. මෙහි උනිකේත ඇතුලත් කිරීමේන් ලැබෙන ප්රතිපල ගූග්ල්හි ලැබෙන ප්රතිපල මෙන්ම ඉතා උසස්වූ තත්වයක පවතී. ඇහෙත් මෙම සෙවුම් යන්ත්රය සිංහල භාශාවෙන් නොමැති නිසා ගූග්ල් සෙවුම් යන්ත්රයට දෙවැනිවේ.
වෙබ් ලිපිනය: http://search.yahoo.com/
සිංහල සර්ච් සෙවුම් යන්ත්රය (ඇගයීම: 3/5)
මෙය ශ්රී ලාංකික ආයතනයක් විසින් නිපදවූවකි. මෙය සිංහල භාශාවෙන් සකසා ඇත. භාවිතය ගූග්ල් මෙන් පහසුය. නමුත් ප්රතිපල ගූග්ල් හා යාහූ මෙන් ඉතා උසස්වූ තත්වයක නොපවතී.
වෙබ් ලිපිනය: http://www.sinhalasearch.com/
ලයිව් සෙවුම් යන්ත්රය (ඇගයීම: 2/5)
ලයිව් සෙවුම් යන්ත්රය ඇමරිකාවේ, මයික්රෝසොෆ්ට් ආයතනය මගින් ලබාදෙන සේවයකි. මෙය සිංහල භාශාවට පරිවර්ථනය කර නොමැත. එමෙන් ප්රතිපලද, ගූගල් හා යාහූ මෙන් ඉතා උසස්වූ තත්වයක නොපවතී.
වෙබ් ලිපිනය: http://www.live.com/
ඔබම වෙනස වටහා ගන්න.
පහත සදහන් සම්බන්දකයන් (ලින්ක්ස්) මගින් ඉහත සදහන් සෙවුම් යන්ත්ර, සිංහල යුනිකේත භාවිතයෙන් "සිංහල" යන වචනය සෙවූවිට ලැබෙන ප්රතිපල දැකගතහැකිවනු ඇත.
Showing posts with label සර්ච්. Show all posts
Showing posts with label සර්ච්. Show all posts
Tuesday, October 2, 2007
සිංහලෙන් සොයමු.
෴
Subscribe to:
Posts (Atom)